Saturday, January 13, 2024

Earn Money

Bythe way when you learn Earn $10 dollars just click the link in the comment and SIGNUP. share Your refereal link to your friends and earn more money daily, Its amazing, wowwwww😍

Thursday, December 8, 2016

Command Prompt පාඩම 01

ඔන්න යාලුවනේ.. ඔයාලට මම මේ පාඩමෙන් කියලා දෙන්න යන්නේ... Command prompt එක සහ ඒකෙ commands ගැනයි.

හොදයි. ඔන්න ඉතින් අපි කෙලින්ම පාඩමට බහිමුකෝ.. මේ Command prompt එක අපිට ආකාර දෙකකට ලබා ගන්න පුලුවන් යාළුවනේ..

01. සාමාන්‍ය මාදිලියෙන් user account එකෙන් ලබා ගැනීම..
මෙහෙම ලබා ගන්නකොට command prompt එකේ පෙන්නන file directory  එක තමයි මේ...

C:\user\

02. අපිට C partition එකට අදාල වෙනස්කම් කරන්න හෝ system එක සම්බන්ධ බලයෙන් වැඩි code පාවිච්චි කරන්න පුළුවන් වෙන්නෙ Administrator  යටතේ run කලොත් පමණයි.
*hacking වල දි අපිට ඕන වෙන්නෙ මෙන්න මේ Administrator යටතේ ලබා ගන්නා prompt එක. ඒකෙදි පෙන්වන file directory එක මේකයි..

C:\windows\system32\

අපි දැනට ඉගෙන ගන්න නිසා පාවිච්චි කරන්නේ සාමාන්‍ය command prompt එක හොදේ..

Command prompt එක ලබා ගන්නා අයුරු..

* key board එකේ windows key එක සහ R අකුර එකවර press කිරීම.
Run box එක මත cmd විදිහට type කරලා ok කරන්න..

*start වලින් ගිහිල්ලත් ගන්න පුළුවන්.

*windows x menu භාවිතයෙන්.. (මේ ක්‍රමය භාවිත කරන්න පුළුවන් windows 8 වලට ඉහල os භාවිතා කරන අයට විතරයි.)
Desktop එකට ගිහිල්ලා windows key එකයි x key එකයි press කරන්න.. ඒ ලැබෙන list එකෙන් command prompt , select කලාම සාමාන්‍ය විදිහට command prompt , open වෙනවා..
command prompt (Admin) select කල විට Administrator යටතේ open වේ.

හරි. ඔයාට යම් අවබෝධයක් ලැබෙන්න ඇති මේ ගැන.. දැන් අපි commands ගැන ඉගෙන ගන්න පටන් ගමු එහෙනම්..

Help Command

අපි දැන් ඉන්නේ user profile directory එකෙයි.
Help ලෙස type කරලා Enter කරන්න.
දැන් basic  command වල list එකක් සහ ඒවයෙ කාර්යන් පේන මේ වගේ list එකක්  ලැබේවි ඔයාට.


මේ code වලින් වෙන දේවල් ගැන කියවලා දැනුමක් ගන්න ඔයා.. ඔන්න අපි ඊලග command එකට යනවා.

Cls Command
ඔහ්. Command prompt එක help command එකෙන් ආපු list එකෙන් පිරිලා නේද.. ඔයා Cls කියලා type කරලා Enter කරන්නකො බලන්න...
ම්ම්.. තේරුනාද.. Cls Command එක use කරන්නෙ screen එක clear කර ගන්න.

file browse
මේ සඳහා CD Command එක use කරනවා.
CD Command

*මේ command එක කියලා දෙන්න කලින් මේකෙ ඔයාට ඉස්සරහදි හම්බවෙන දෙයක් ගැන කියලා දෙන්න ඕනෙ. ඒ තමයි partition [පා(ර්)ටිෂන්] අපේ hard disk එක කොටස් වලට බෙදලා තියෙනවා ඔයා දැකලා තියෙනවා නේද C D E වගේ. ඔයාට My computer වලදි බලා ගන්න පුලුවන් ඒක. මම pic (3) වලදි පෙන්නලා තියෙනවා.

අපි ඉස්සරහදි D partition , E partition කියන්නෙ මේවට තමයි හොදේ..
හරි. අපි කිය කිය හිටියෙ CD ගැන.. මේ තමයි change directory එක. මේ directory එකේ root එක වන C: ට එන්න ඕන නම් ඔයාට..

CD\ Enter කරන්න.
දැන් මම ඉන්නෙ C: එකේ. මට ඉතුරු code  C එකේ ඉදන් කරන්න බැරි නිසා මම D: partition එකට මාරු වෙනවා. මෙහෙම..
D: (enter)
දැන් මම ඉන්නෙ D එකේ..

Dir Command
මට D: partition එක ඇතුළෙ තියෙන folder වල ලිස්ට් එකක බලන්න ඕනෙ කියලා හිතන්න..
Dir (enter)

ඔන්න ලිස්ට් එකේ විස්තර පෙන්නනවා..
මේ folder එක ඇතුළට යන්නෙ CD command එකෙන්.

CD (press tab key.)
අපි ඉන්න directory එකේ filder වල නම් පේනවා.. Recycle.Bin කියලා පෙන්නන්නෙ අපිට D එකෙන් දෙයක් Delete කලාම වැටෙන folder එක.
මෙහෙම tab key එක press කර කර එතැන තියෙන ඔයා කැමති folder එකක නම පෙන්නුවම enter  කරලා ඒ ඕනම folder එකක් ඇතුලට යන්න.
(ඔයා මේ command කරන්න කලින් D එකේ ඔයාගෙම folder එකක් හදාගෙන මේකට ඒක use කරනවා නම් හොදයි.) අපි ඒ විදිහට New කියලා folder එකක් හදලා තිබුනා කියලා හිතන්න.. මේ New කියන folder එක ඇතුලේ තවත් folder එකක් හදන්නයි යන්නෙ අපි.

MD Command.
මේකෙ තේරුම තමයි Make Directory.

MD Mudi
දැන් මම ඉන්න directory එක වන D:/New/ වල Mudi කියලා folder එකක හැදෙනවා.
ඒ හදපු folder එකට යන්න Use කරන්නෙ CD Command එකයි.
මේකට ක්‍රම 02ක් තියෙනවා.. බලන්න..

(i) CD Mudi (enter.)
(ii) CD (press tab key.) - මේකෙදි Mudi කියන එක පෙන්නුවම enter කරලා අපිට ඒ folder එකට යන්න පුළුවන්.

හොදයි ඔන්න එහෙනම් අපි මේ කොටස මෙතනින් නවත්වමු.. ඔයාලා මේ කියලා දීපු කොටස් command prompt එකේ කරලා බලන්න. ගැටලු තැනක් comment එකකින් අහලා විසදගන්න. අපි ඊලග කොටසින් ඉදිරියට යමු..

වැදගත්:-

*අපි මේ type කරන Command ආයෙ ආයෙ type කරන්න ඕනෙ නැහැ..  key board එකේ Up Down arrow key වලින් පරණ code ආපහු ගන්න පුළුවන්..
*folder කිහිපයක් එකවර හදන්න ඕනෙ නම්.. E partition එකේ movie , song , pic , files කියලා folder හතරක් හදන්න ඕනෙ කියලා හිතන්න..
E:\ MD movie song pic files
මේ folder names අතරෙ තියෙන space එකෙන් තමයි වෙන වෙනම folder එකක් බවට අදුන ගන්නෙ.

Command Prompt පාඩම 02

ඔයා උත්සහ කරලා බැලුවද කොටස් දෙකක් විදිහට තියෙන name එකක් folder name එක විදිහට දෙන්න.
මෙන්න මෙහෙමයි. හිතන්න folder  එකේ නම Graphic Design කියලා..

MD "Graphic Design"
උධෘත ඇතුලෙ තමයි ඒ සම්පූර්න නම දෙන්න ඕනෙ.
තවත් එකක්.. අපිට පුළුවන් මේ Command, script විදිහට bat format එකෙන් save කරලා පාවිච්චි කරන්න..
Notepad එකේ මේක type කරගන්නකො ඔයා. (Folder එකට කැමති නමක් දෙන්න.)

Pause
MD Mudi




මෙහෙම type කරලා file වල save as ගිහින් desktop එකේ file name එක m.bat කියලා type කරලා All files දීලා save කරන්න.
ඒක desktop එකේ මෙහෙම තියේවි..



හරි අපි බලමු මේ ලියපු commands වලින් වෙන දේවල්.. Pause command එකෙන් වෙන්නෙ අපි keyboard එකේ key එකක් press කරලා අවසර දෙන තුරු ඊලගට තියෙන විධානය වන MD Mudi ක්‍රියාත්මක නොකර තිබීමයි. මේකෙදි වෙන්නෙ Mudi නමින් folder එකක් හැදීමනෙ.
මේ script එක open කලාම command prompt එකක් ලැබේවි. Pause Command එක නැතුව MD Mudi විතරක් ලිව්වා නම් script එක open කරපු ගමන්ම close වෙලා යනවා.
pause command එක මගින් නවත්තන් ඉන්න ඊලග command එක වන MD Mudi ක්‍රියාත්මක වෙන්න keyboard එකේ key එකක් press කරන්න ඕනෙ. MD Mudi Run වෙලා Mudi කියලා folder එකක් open කරපු තැන හැදෙයි.

බලන්න මේ code එකත් මම කලින් කියපු විදිහට notepad එකේ type කරලා save කරලා බලන්න..
Pause
CD\
pause
D:
Pause
MD new

මේකෙදි හැම පියවරක්ම run වෙන්න keyboard එකේ key එකක් press කරලා අවසර දෙන්න ඕනෙ.



Help Command එක use කර Dir Command එකේ සියලු විස්තර ලබා ගැනීම
Help Dir (enter)
අපිට තියෙන්නෙ help කියලා type කරලා අපිට විස්තර අවශ්‍ය command එක type කරන එක.
අපිට අවශ්‍ය directory එකේ folder list එක ගන්නෙ මෙහෙම..

Dir E: (enter)
අපි ඉන්න directory එකේම hidden folder වල list එකක් විතරක් ඕනෙ නම් මෙහෙම..

Dir /A :H (enter)
E partition එකේ hide වෙලා තියෙන folder වල list එකක් ගන්න ඕනෙ නම්..
Dir E:/A :H
*මේ විදිහට විස්තර ලැබෙන command අපිට txt file එකකට ඒ විස්‍තර save වෙන විදිහට command දෙන්න පුළුවන්. එතකොට command එකේ output එක කෙලින්ම txt file එකකට save වෙනවා..

Dir > a.txt (enter)
අදාල directory එකේ list එක m.txt විදිහට ඒ directory එකේම හැදෙනවා.

Tree Command
Tree (enter) කලොත් ඒ partition එක තුල තියෙන සියලු folder එකිනෙකට සම්බන්ධ වෙලා තියෙන හැටි පෙන්නනවා. ගහක අතු බෙදිලා තියෙනවා වගේ..

Tree > xa.txt (enter)
Output එකක් නොපෙන්වා ඒ output එක xa.txt කියන txt file එකට යවලා අපි ඉදපු directory එක වන D වල save කරලා තියෙනවා..
මේ වගේ..

ඒත් ඉරි කෑලි වෙනුවට ඔයාට පේන්නෙ අකුරු වගයක් නේද..
ඉරි දා ගන්න වැඩක් තියෙනවා.. අපි ඒකට tree එකේ help අරන් බලමු..
Help tree (enter)

මට මතක විදිහට මම ඔයාට තාම පැරාමීටර්ස් ගැන පැහැදිලි කලේ නැහැ. හරි මේ බලන්න..
මේ තමයි attrib යටතෙ තියෙන පැරා මීටර්ස්. help වලින් තමයි ගන්නෙ.


ඔන්න අපි ආයෙත් පාඩමට යමු.එහෙම enter කලාට පස්සෙ ඔයාට පේනවා parameters 02 ක් ලැබිලා තියෙනවා. අපි යොදා ගන්නෙ /A කියන එක.
Tree /A > c.txt
මේ වගේ ඉරි සහිතව ලැබේවි එතකොට.

දැන් හිතන්න මට D partition එකේ තියෙන image folder එක ඇතුලෙ තියෙන my pic එක ඇතුලෙ තියෙන animals folder එකට යන්න ඕනේ කියලා..
CD/D D:\  type කරලා keyboard එකේ tab key එක press කර D එක ඇතුලෙ තියෙන folder එක ගන්න පුළුවන්.
CD/D D:\image
ඕනෙ my pic  folder එකට යන්නනෙ. ඒ නිසා image වල අගට \ එකක් type කරලා ආයෙ tab key එක  press කරන්න.
Copy සහ XCopy Command
File copy කිරීමට use කරනවා. මේ දෙකම ක්‍රියාකාරිත්වය අතින් සමාන වුනත් xcopy command එක සතුව copy command එකට වඩා වැඩි parameters ගණනාවක් තියෙනවා.
xcopy command එකේ parameters  වලින් වෙන දේවල් check කරලා බලන්නකෝ...
*administrator command prompt එකේ  use කරන්න එපා. හේතුව මේ xcopy command  එක සතුව තියෙන file, access permission එකට අදාල parameters  එක නිසි දැනීමකින් තොරව use කරන්න ගියොත් අපි අතින් hard partition  access block වෙන්න පුළුවන්.
හරි ඔන්න අපි දෙවනි පාඩමටත් සමු දෙනවා. අපහසු තැනක් කමෙන්ට් එකකින් අහන්න.

Command Prompt පාඩම 03

Copy Command

Help copy (enter)
*මෙතනින් වැදගත් parameter එකක් තමයි /v මේකෙන් file copy වීම සම්පූර්ණයෙන් සිදුවුනාද කියලා vertify කර ගන්න පුළුවන්.
file directory එක type නොකර, key board එකේ tab key එක press කරලා directory එක ගන්නත් පුළුවන්නෙ.
එහෙම මගේ folder එක දෙනවා. දීලා space එකක් තියලා, මට මේ  folder එකේ තියෙන දේවල් copy කරන්න ඕනෙ තැන directory එක දෙනවා. දීලා enter කලාම, මුලින් දුන්න directory එකේ ඇතුලෙ තියෙන සියලු file දෙවනියට දුන්න directory එකට copy වෙනවා..
parameter එකක් යොදා ගන්නවා නම් ඒක යොදන්න ඕනෙ.
copy copy විය යුතු directory එක type කරන්න. file copy විය යුතු  place එක දාලා (enter) කරන්න.
Copy command එකේ file, copy කිරීම.
Copy (space) copy කරන්න ඕනෙ  file directory එක type කරන්න.
file directory එක type නොකර, key board එකේ tab key එක press කරලා directory එක ගන්නත් පුළුවන්නෙ.
එහෙම මගේ folder එක දෙනවා. දීලා space එකක් තියලා, මට මේ  folder එකේ තියෙන දේවල් copy කරන්න ඕනෙ තැන directory එක දෙනවා. දීලා enter කලාම, මුලින් දුන්න directory එකේ ඇතුලෙ තියෙන සියලු file දෙවනියට දුන්න directory එකට copy වෙනවා..

Title Command

command prompt එකට title එකක් දාන්න මේ command එක භාවිතා කරනවා.
Title එක mudi gunarathne කියලා title bar එකේ පෙන්වනවා. මේ බලන්න.

Color Command
Help color
බලන්න මේ වගේ කලර්ස් වල ලිස්ට් එකක් ඒවි.. ඒකේන් කලර්ස් වලට අදාල අංක, අකුරු බලා ගන්න පුලුවන්..

ඉස්සෙල්ලම color කියලා type කරලා background එකට දෙන්න ඕනෙ color එකට අදාල අංකය හෝ අකුර ඉස්සෙල්ලම type කරලා ස්පේස් එකක් නොතියා command prompt එකේ අකුරු වලට දෙන්න ඕනෙ colour එකට අදාල අකුර හෝ අංකය  type කරලා enter කරන්න..

Del සහ Erase Command

මෙම commands භාවිතා කරන්නනේ  file delete කිරීම සඳහාය. (මෙම command ප්‍රවේශමෙන් භාවිතා කල යුතුය. මක් නිසාද යත් අත්‍යාවශ්‍ය file delete වී යාහැක. )pen එකක් වැනි දෙයක් භාවිතා කරන්න..
Help Del
Del එකේ තියෙන parameters ටිකක් බලමු අපි..
/p - දෙයක් delete කරද්දි කරන්නද එපාද කියලා confirmation එකක් ලබා දීම.
/F - read only file delete වීමට බල කරයි.
/A - hidden file, system file delete කල හැක.

hidden file delete වීම සදහා
/A:H

D: partition එකට ගිහින් ඒකෙ තියෙන new කියන folder එක ඇතුළට ගිහින් ඒකේ තියෙන 1.ipg image file එක ඩිලීට් කරන්න අපිට ඕනෙ කියලා හිතමු..
Del 1.jpg (enter)
එතකොට ඒ file එක delete වෙනවා.. මේ වැඩේම D:\new directory එකට command prompt එකෙන් නොයා  Del D:\new\1.jpg (enter) කරන්නත් පුලුවන්.
මේ code එකම  /p එක්ක ගැහුවොත් delete confirmation කරන්න Y එකක් type කරලා enter කරන්න ඕනෙ. (වටින file delete වීම වළක්වන්න  use කරන්න පුළුවන්)
විශේශ  file format එක්ක  file විතරක්  delete  වෙන්න නම්..
Del D:\new\*.jpg (enter)
New කියන folder එක ඇතුලෙ තියෙන ඔක්කොම jpg format එකේ file , delete වෙනවා.

folder එකේ තියෙන සියලු file delete කිරීම.

D:\new\*.*
මේකෙදි delete confirm කරන්න  Y enter කරන්න වෙනවා.
*මේ del command එක මගින් folder delete කරන්න හැකියාවක් නෑ..  file විතරයි පුළුවන්.

RMDIR Command 

folder delete  කිරීම සදහා තමයි භාවිතා කරන්නෙ..
Help RMDIR (enter)
/s - D partition එකේ new කියලා empty folder එකක් තියෙනවා කියලා හිතමු. ඒක delete කරන්න ඕනෙ නම්...
RMDIR D:\new (enter)
ඒත් folder එක empty නෑ. ඒක ඇතුලෙ files හෝ folder තියෙනවා කියලා හිතන්න.. එතකොට අපි කලින් command එක දුන්නොත්  error එකක් එනවා folder එක empty නෑ කියලා.
මේ වගේ empty නැති folder එකක්  delete කරද්දි තමයි අපි delete කරන්න දෙන directory එකේ තියෙන සියලු file folder delete වෙන්න මේ  /s parameter එක use කරන්න..
අපිට empty නැති folder එකක් delete කරන්න අවශ්‍ය නම්..

RMDIR /s D:\new
එවිට delete එක confirm කරන්න Y (enter) කරන්න වෙනවා..
Y type කරලා enter කරන්න වෙන එක වලක්වන්න තමයි /Q තියෙන්නෙ..
RMDIR /S /Q/D new (enter)
මේකෙන් කිසිම delete confirm කිරීමකින් තොරව ෆොල්ඩර් එක ඩිලීට් කර ගන්න පුළුවන්..

Ren Command

file සහ folder rename කිරීම මෙමගින් සිදු කරන්න පුළුවන්.
Help Ren (enter)
(ren වගේම rename කියලා type කලත් එකම දේ වෙන්නෙ.)
Ren Rename කල යුතු file එකට අදාල directory එක අදාල file එකේ නම සහ  file format එක සහිතව ඒ file එකේ වෙනස් වෙන්න ඕන අලුත් නම file format එක සහිතව type කරලා (enter)

Help move
මේක මගින් file හා folder move කරනවට අමතරව move කරන file rename කරන්නත් පුළුවන්. (මේ හැකියාව command prompt එක සතු ගොඩක් කොටස් සතුව තියෙනවා. Ex:  copy වලිනුත් rename කරන්න පුළුවන්.)
Move move කරන්න අවශ්‍ය file එකේ directory එක type කරන්න. file එක   move වෙන්න ඕනෙ directory එකේ පාත් එක (enter)

Move කරන අතරතුර Rename

කලින් වගේ directory type  කලත් move වෙන්න ඕන තැනට දෙන පාත් එකේ නම වෙනස් කලොත් move වෙන ගමන් rename වීමත් වෙනවා.  /Y මගින් වෙන්නෙ අපි move කරන දේ  දැනටමත් move වෙන්න දෙන  folder එකේ තියෙනවා නම් ඒක replace කිරීමට  permission ඉල්ලීමයි.

Attrib Command

File එකක හෝ folder එකක right click කරලා එන contex menu එකේ  properties click කලාම එන properties window  එකේ attribute තියෙනවා.
Attribute කියන්නෙ file එකක් හෝ folder එකක් hide වීම, show වීම read only වීම වගේ දේවල්. (graphical interface එකට වඩා වැඩි බලයක් සහිත attribute command , command line interface එක සතුව තියෙනවා.

Help Attrib (enter)

R,A,S,H,I,X,V මේ අකුරු වලින් විෂේශ Attribute එකක් සංකේතවත් වෙනවා.
R - file එකක් read only කරවීම පාලනය කරනවා.. file එකක් read only කලොත් ඒ file එක අයිතිකරු හැර වෙනත් කෙනෙකුට වෙනස් කිරීමට හැකියාවක් නැහැ.                             ***

Tuesday, October 11, 2016

C++ පාඩම

ඔන්න ගොඩක් අයගෙ ඉල්ලීම පිට මම C++ ත් ගෙනාවා.. ඒත් මේක නම් මම නෙමෙයි උගන්නන්නෙ හොදේ.. මමත් තාම C++ ඉගෙන ගන්නවනෙ.. මම ඉගෙනගෙන ඔයාට උගන්නන්න හිටියොත් තව කල් යනවනෙ..
ඉතින් මම මේ දෙන ලින්ක් එකෙන් ගිහින් මේ pdf එක ඩව්න්ලෝඩ් කරගන්නකො. සිංහල pdf එකක්. සරලව තේරුම් ගන්න පුලුවන විදිහට කියලා දීලා තියෙනවා.. ඔන්න එහෙනම් අපි ඉගෙන ගනිමූ. C++ ත්..
මෙන්න ලින්ක් එක..

C++ PDF

Saturday, October 8, 2016

SQL පාඩම - 01

ඔන්න අද මම ඔයාට කියලා දෙන්න යන්නෙ sql language එක ගැනයි..

SQL කියන්නෙ...,

Stuctured Query Language - ව්‍යුහගත විමසුම් භාෂාව.

කිසියම් පද්ධතියක් සදහා database එකක් සකස් කරනවා.. ඒ database එකට දත්ත ඇතුල් කරන්නත්, එකෙ තියෙන දත්ත සකස් කිරීම තුලින් නැවත ලබ ගන්නත් මේ SQL විධානයන් ඇතුලත් කරනවා..

අපි බලමු මේ SQL විධානයන් ක්‍රියාත්මක කරන්නෙ මොන දත්ත සමුදාය කලමණාකාරණ පද්ධතීන් (DBMS) එක්කද කියලා..

  • My SQL
  • Ms Access
  • Oracle
  • SQL Server

My SQL database එකක් සකස් කරන්න නම් අපි Wampserver අපේ කම්පියුටර් එකට install කරගන්න ඕනෙ.. ඔයා වැඩ කරන මැෂින් එකේ wampserver install කරගෙන නැත්නම් මෙතැනින් download කර ගන්න..

Wampserver

මේ වැම්ප්සර්වර් ඕපන් කරලා බලන්න.. එකේ My SQL Consoul වලදි තමයි මේ SQL Commands ලබා දෙන්න පුලුවන්..
දැන් අපි බලමූ SQL භාවිතා කරලා කරන්න පුලුවන් මොනවද කියලා..

Database භාවිත කරලා විමසුම් (query) සකස් කරන්න..
Database එකකින් දත්ත ලබා ගන්න..
Database එකකට දත්ත ඇතුල් කරන්න..
Database එකක තියෙන දත්ත වෙනස් කරන්න..
Database එකක දත්ත ඉවත් කරන්න...
අලුතින් Database එකක් හදන්න..
අලුතින් වගු සකස් කරන්න..
Database එකේ ව්‍යුහය වෙනස් කරන්න..

*මේ SQL විධානයන් ANSI සම්මතයන්ට අනුව වෙනස් වෙනවා.. ANSI කියන්නෙ American National Standard Institute.

ඔන්න දැන් අපි SQL Commands ඉගෙන ගන්නයි යන්නෙ.. ඔයා වැම්ප්සර්වර් එකේ My SQL Consoul වල මේ commands type කරලා බලන්න මම කියලා දෙන ගමන්ම..

හොදයි මුලින්ම අපි බලමු database එකක් හදන්නෙ කොහොමද කියලා.. ම්ම්.. මුලින්ම කියන්න ඕනෙ අපි Commands වෙනම අදුන ගන්න කැපිටල් වලින් තමයි. ලියන්නෙ.. සිම්පල් වලින් ලිව්වත් අවුලක් නැහැ.. ඒත් මෙහෙම ලියමු හදුනා ගැනීමේ පහසුවට..

1. Database සැකසීම.

අපි දැන් නිකන් හිතමූ getway lanka කියලා ආයතනයක් තියෙනව කියලා.. මේකෙ වැඩ කරන සේවකයන්ගෙ තොරතුරු , ආයතනයේ තොරතුරු ඒ හැමදේම එකතු කරලා අපි database එකක් හදන්නයි යන්නෙ.. database එකේ නම Gateway info කියලා ගමුකො..

මේ බලන්න ඒක හදන්න Command එක දෙන විදිහ..

CREATE DATABASE Gateway_info

*create database කියන්නෙ විධානය. දැක්කද අපේ database එකේ නම දීලා තියෙන විදිහ.. මැදින් ස්පේස් තියන්නෙ නැහැ.. "_" දීලා තමයි වචන දෙක වෙන් කරලා තියෙන්නෙ..

2. Database භාවිතා කිරීම.


USE Gateway_info

* අපි දැන් මේ භාවිතා කරන්න යන්නෙ මොන database එකද කියලා තමයි මේකෙ විධාන දෙන්නෙ.. අපි database එක හදලා නැත්නම් හදන එක ඇරුනම අනිත් වැඩ ඔක්කොම පටන් ගන්න ඕනේ මේ command එකෙන්.. මොකද අපි දැන් use කරන්න යන්නෙ මොන db එකද කියලා කියන්නෙ නැතුව පටන් ගන්න බැහැ.


3. Table සකස් කිරීම.


ඔන්න දැන් අපි වගුව හදන්නයි යන්නෙ.. මේ command එක බලන්නකො.. ඊට පස්සෙ මම පැහැදිලි කරන්නම්..


CREATE TABLE employee
(Emp.ID int,
LastName varchar (20),
FirstName varchar (20) ,
Address varchar (50) ,
salary int)

මම මෙහෙම පේලියෙන් පේලියට ලිව්වෙ ඔයාට අවබෝධ කරලා දෙන්න ලේසි නිසා.. command එක එකටම ලිව්වට අවුලක් නැහැ..

හරි ඔන්න අපි දැන් බලමු.. මේ ටේබල් එකේ නම මම ගත්තෙ employee කියලා. මොකද සේවකයින්ගෙ විස්තර මේකට එකතු කරන්න බලාපොරොත්තු වෙන නිසා..

ඔන්න මම විධානය දීලා තියෙනවා employee කියන ටේබල් එක හදන්න කියලා..

ඊට පස්සෙ ඒකෙ Field තියෙන්න ඕනෙ ආකාරය ගැනයි මම කියලා තියෙන්නෙ. emp id, first name.. ඒවා තමයි field. Varchar , int කියන ඒවා ගැන ඔයාට ගැටලුවක් එන්න ඇති මේක දැක්කම.. Emp_ID බලන්න.. employee ගෙ ID එක තමයි මේ field එකේ අපි දාන්නෙ. මේ field එකේ දාන්නෙ සංඛ්‍යා. ඒ නිසයි int කියලා දාලා තියෙන්නෙ. (Integer) බලන්න.. salary එකටත් int දීලා තියෙන්නෙ සංඛයාවක් නිසා..
හරි. ඊලගට varchar. ඒකත් ඒ වගේ . ඒ field එකට දාන characters ගාන තමයි වරහන් ඇතුලෙ දාලා තියෙන්නෙ.. first name එකකට අකුරු 20 කට වැඩි වෙන්න බැහැනෙ නේද.. ඒ නිසා 20 ඇති. ඔයාට කැමති ගානක් දෙන්න පුලුවන් හොදේ.. ඒත් ගොඩක් වැඩි අකුරු ගානක් දෙන්න යන්න එපා මොකද memory එක waste වෙනවනෙ නිකන්.

***********************************

මේ කොටස අන්තිම හරියෙදි ඔයාට කියලා දෙන්න ඕනෙ එකක්. ඒත් මෙතන ඉදන් ඔයාට කියලා දෙන ඒවා කරලා බලන්න විදිහක් නැති වෙනවා මේ කොටස අන්තිමට කලොත්. ඒ නිසා අපි මේක ඉගෙන ගෙන ඉස්සරහට යමු..

INSERT INTO

වගුවක් සදහා දත්ත ඇතුල් කිරීමට භාවිතා කරනවා.

අපි බලමු අපේ Employee වගුවට දත්ත එකතු කරන්න. බලන්නකො මේ Command.

INSERT INTO Employee (Emp.ID, LastName, FirstName , Address , salary) values (4 , 'perera', 'Nilu' , 'No.45, George Street ,Badulla.', 28000)

හොදට බලන්න.. int වලින් දෙන ඒවට අපි උධෘත දීලා නැහැ. සංඛයා නිකන්ම දීලා තියෙන්නෙ..

ටේබල් එකේ සියලුම field වලට අගයන් ඇතුල් කරනවා නම් මේ විදිහට field name ලියන්න ඕනෙ නැහැ හොදේ.. Values දෙන්න.

************************************

4. Table හි සැලැස්ම ලබා ගැනීම..

DESCRIBE Employee

ඔන්න මේ විදානය දුන්නට පස්සෙ ඔයා හදපු මේ employee table එක ඔයාට මේ විදිහට බලා ගන්න පුලුවන්. (Table එක කඩ ඉරි වලින් පෙන්නන්නෙ හොදේ..)

Field Type Not Null
Emp.ID int (11) yes
LastName varchar (20) yes
FirstName varchar (20) yes
Address varchar (50) yes
Salary int (11) yes

ඔයා බලන්න ඇති මේ Not null කියන්නෙ මොකද්ද කියලා.. යම් field එකක් not null ලෙස අර්ථ දැක්වුවොත් ඒ field එක හිස්ව තියන්න බැහැ.

5. වගුවක් ඉවත් කිරීම.


DROP TABLE employee

Employee කියන table එක ඉවත් වෙනවා..


6. Database එක ඉවත් කිරීම.


DROP DATABASE Gateway_info


7. Table එකේ ඇති දත්ත ලබා ගැනීම.


SELECT * FROM Employee

මේකෙදි * ලකුණ පාවිච්චි කරන නිසා table එකේ හැම field එකකටම අදාල දත්ත පෙන්නනවා.. මම ඉස්සරහට ඔයාට මේ ගැන ආයෙත් මතක් කරනවා අපේ table එකට data enter කරන්න මම කියලා දුන්නට පස්සෙ..

මේ SQL විධාන ප්‍රධාන කාණ්ඩ දෙකකට වෙන් කරන්න පුළුවන්..


1. DML - Data Manipulation Language.
2. DDL - Data Definition Language.

DML

Table එකේ දත්ත සමග කටයුතු කිරීම තමයි මේ විධානයන්ගෙන් සිදු කරන්නෙ..

SELECT - දත්ත ලබා ගැනීම.
UPDATE - වගුවේ ඇති දත්ත වෙනස් කිරීම.
DELETE - දත්ත ඉවත් කිරීම.
INSERT INFO - දත්ත ඇතුල් කිරීම.

DDL

Database හි ව්‍යුහය වෙනස් කිරීම, database එක සැකසීම වගේ දේවල් මේ command මගින් සිද්ධ කරනවා..

CREATE DATABASE - database සැකසීම.
ALTER DATABASE - database සැකසීම.
CREATE TABLE - වගු සැකසීම.
ALTER TABLE - වගු වෙනස් කිරීම.
DROP TABLE - වගු ඉවත් කිරීම.
CREATE INDEX - දත්තය පහසුවෙන් සෙවීම සදහා නම් කිරීම.
DROP INDEX - index ඉවත් කිරීම.

SELECT

අපි දැන් හිතමු අපිට ඕනෙ Employee කියන table එකෙන් LastName සහ FirstName ට අදාල තොරතුරු විතරක් ඕනෙ කියලා.
මෙහෙමයි command එක..

SELECT LastName, FirstName FROM Employee.

මෙහෙම out put එක ඔයාලා දකියි..

LastName FirstName
perera renu
Wikramasinghe Arjuna
Herath Wishaka

හොදයි..ඊලග කොටසින් අපි SQL වල ඉතිරි ටික ඉගෙන ගනිමු. ඔයා හොද අවබෝධයක් ගන්න අද උගන්වපු කොටස් ගැන. ගැටලුවක් තියෙනවා නම් කමෙන්ට් එකකින් අහන්න..

Friday, October 7, 2016

SQL පාඩම - 02

හරි. දැන් අපි වෙන table එකක් ගැනයි කතා කරන්නයි යන්නෙ. නම wether කියලා. අපි හිතමු ඒකෙ city කියලා field එකක් තිබුනා කියලා.. දැන් එකිනෙකට වෙනස් නගර සියල්ල ලබා ගන්න ඕනෙ අපිට.. බලන්න command එක ලියන හැටි..

SELECT DISTINCT City FROM Wether.

Wether ටේබල් එකෙන් city එක gall වෙන ඒවට අදාල සියලු තොරතුරු අපිට ඕනෙ කියලා හිතන්න.. මෙන්න command එක.

SELECT * FROM Whether WHERE City = 'Galle'

තේරුනාද.. * ලකුණ දැම්මෙ සියලුම තොරතුරු ගන්න ඕන නිසා..

හරි. මම දැන් ඔයාට විස්තරයක් දෙනවා. ඒකට command එක දෙන්න බලන්න..

Employee වගුවෙ salary එක 25000 වන අයගෙ අවසන් නමයි ලිපිනයයි ඕනෙ.

ඔයා ලිව්වද.. බලන්න හරිද කියලා..

SELECT LastName ,Address FROM Employee where Salary = '25000'

ඒ වගේම අපිට පුළුවන් යම් ගානක් දීලා ඒකට අඩු , වැඩි , වැඩි හෝ සමාන මේ වගේ විධානත් මේ Where එක්ක පාවිච්චි කරන්න..
මේ බලන්න..

= Equal
<> Not Equal
> Greater than
< Less than
>= Greater than or equal
<= Less than or Equal
BETWEEN
LIKE
IN තුල

හිතමු අපි persons කියලා වගුවක age කියලා field එකක් තියෙනවා කියලා. මම දැන් ඔයාට විස්තරයක් දෙනවා. ඒකෙ command එක ලියන්න..

persons වගුවෙන් වයස අවුරුදු 30 ට වඩා වැඩි හෝ සමාන වන අයට අදාලව LastName සහ FirstName ලබා ගන්න.

AND සහ OR Operators

Where යටතේ කොන්දේසි කිහිපයක් යොදා ගත යුතුයි නම් මේ ඔපරේටර්ස් දෙක යොදා ගන්න පුලුවන් අපිට..
බලන්න මේ command එක.

SELECT * FROM Persons WHERE FirstName = 'Wishaka' AND LastName = 'Siriwardhana.'

අපිට field දෙකක තොරතුරු දෙකක් ඕන වුනා. ඒ දෙක සත්‍ය කෙනාගෙ තමයි සියලු තොරතුරු ඕනෙ වෙන්නෙ..

ඊලගට or ගැන බලමු. හිතන්න මට ඕනෙ කියලා City කියන එක Anuradapura හෝ Plonnaruwa හරි කියන එකේ සම්පූර්ණ තොරතුරු ඕනේ කියලා.. බලන්න ඒකට අදාල මේ Command එක.

SElECT * FROM Persons WHERE City = 'Anuradhapura' OR City = 'Polonnaruwa'

දැන් අපි බලමු අලුත් field එකක් එකතු කරන්න ඕන වුනොත් ඒක කරන්න කොහොමද කියලා..
Employee field එකට Age කියලා field එකක් ඇඩ් කරන්න ඕනෙ කියලා හිතන්නකො.. මෙහෙමයි Command එක.

ALTER Table Employee ADD Address varchar (10)

Employee table එකේ තියෙන data LastName එකේ අවරෝහණ පිළිවෙලට හදන්න ඕනෙ නම් මෙහෙමයි..

SELECT * FROM Employee ORDERED BY LastName .

ඒකම අවරෝහණ පිළිවෙලට ඕන නම් මෙහෙම..

SELECT * FROM Employee ORDERED BY DESC.


UPDATE

Table එකේ විශේෂිත රෙකෝඩ් එකක තියෙන දත්ත වෙනස් කිරීම තමයි මේ UPDATE වලින් සිද්ද වෙන්නෙ..

හරි අපි මෙහෙම හිතමු. LastName Gunarathne සහ FirstName Muditha කියන කෙනාගෙ ලිපිනය Katubedda, Moratuwa කියලයි සැලරි එක 30000 කියලයි වෙනස් කරන්න ඕනෙ කියලා. බලන්නකො මේ Commands.

SET Address = 'Katubedda, Moratuwa' , salary = 30000 WHERE LastName = 'Gunarathne.' AND FirstName = 'Muditha'


DELETE

Table එකෙන් රෙකෝඩ් එකක් හරි කීපයක් හරි ඉවත් කරන්න DELETE භාවිතා කරනවා අපි.
මේක බලන්න.. galle, Mathara ජීවත් වෙන අයගෙ සියලුම තොරතුරු ඉවත් කරන්න තමයි මේ Command එක.

DELETE FROM Employee WHERE City = 'Galle' OR City = 'Mathara'


LIKE Operator

Examples ටිකකින්ම මම කියලා දෙන්නම්..

SELECT * FROM Employee WHERE City LIKE "ka%"

ඒ කියන්නෙ සිටි එක ka වලින් පටන් ගන්න නගර වල සියලුම තොරතුරු. Kadawatha , Kathaeagama... ඒ වගේ නගර.
බලන්න මේක..

SELECT * FROM Persons WHERE City LIKE "%la"

මේකෙන් කියන්නෙ සිටි වල අවසන් අකුරු දෙක la වෙන ඒවායෙ සියලුම තොරතුරු ලබා ගැනීම.

IN Operator


SELECT * From Employee WHERE LastName IN ('Senawirathne', 'Kumarasinghe' )

Last Name එක Senawirathne හා Kumarasinghe වන අයගෙ සියලුම තොරතුරු එනවා..

ඔන්න අපි අන්තිම වගේම වැදගත්ම කොටසටත් ආවා. දැන් ඔයාට table ගොඩ නගන්න පුලුවන්නෙ නේද.. අපේ database එකේ මේ වගේ Tables ගොඩක් තියෙන්න පුලුවන්. ඒ Tables අතර සම්බන්ධය ගොඩ නගන්න අපිට key ඕන වෙනවා..
මෙහෙම හිතන්න. පාසල database එකක් ගැන. ටීචර්ස් සහ ස්ටුඩන්ට් කියලා ටේබල් දෙකක් තියෙනවා.. එක් සිසුවකුගෙ පන්තිය භාර ගුරුතුමාව අපට හොයා ගන්න ඕන වෙනවා.. ඉතින් ඒ සිසුවට අදාල තොරතුරක් ඔස්සේ අපිට ටීචර්ස්ලගෙ ටේබල් එකටත් යන්න වෙනවා.. ඒකෙදි ටීචර්ස් සහ ස්ටුඩන්ට් කියන ටේබල් දෙක අතරෙ සම්බන්ධයක් තියෙන්න ඕනෙ කියන එක ඔයාට වැටහෙනවා නේද..
හරි අපි බලමු ඒ keys.

Candidate Key

සම්බන්ධයක රෙකෝඩයක් අනන්‍යව හදුන ගන්න පුලුවන් උපලක්ෂණය තමයි මේක.
බලන්න මේ ටේබල් එකේ Candidate Key එක.

Student (R_No, ID_No, Name, Add)

බලන්න R_No ඒ කියන්නෙ Registor Numbe. එක ලමයෙකුට තියෙන්නෙ එක R No එකක්. ඒ නිසා එක රෙකෝඩ් එකක් වෙන්ව හදුන ගන්න මේක පහසුයි. ID_No ත් එහෙමයි. ඒත් Name , Address මේවා නම් ලමයින් දෙන්නෙකුට, කිහිප දෙනෙකුට සමාන වෙන්න පුලුවන්.

Primary Key

Candidate Key අතරින් වගු අතර සම්බන්ධතාවය ගොඩ නැගීම සදහා යොදා ගන්න candidate key එක තමයි ප්‍රාථමික යතුර වෙන්නෙ.

Alternate Key

Candidate Key අතරින් primary key ඇරෙන්න ඉතිරි keys තමයි Alternate Key වෙන්නෙ. කියන්න බලන්න මම දීපු example එකේ Alternate Key එක.. ඔව්. ID No.

Foreign Key.

Table දෙකක් අතර සම්බන්ධතාවය ගොඩ නැගීම සදහා කිසියම් වගුවක ප්‍රාථමික යතුර ඊට සම්බන්ධ වන වගුවේ ආගන්තුක යතුර (Foreign Key) වෙනවා.
ප්‍රාථමික යතුරේ සහ ආගන්තුක යතුරේ Field Name සමාන වෙන්න ඕන නැහැ.. ඒත් දත්ත වර්ගය සමාන වෙන්න ඕනෙ..
දැන් අපි බලමු මේ key SQL Command වලදි යොදන්නෙ කොහොමද කියලා..

Unique

කිසියම් Field එකක් table එකේ අනන්‍ය යතුර විදිහට හැදින්වීම සදහා භාවිතා කරනවා.. අපි හිතමු අනන්‍ය යතුර Emp.ID කියලා. මේ බලන්න..

CREATE TABLE employee
(Emp.ID int,
LastName varchar (20),
FirstName varchar (20) ,
Address varchar (50) ,
salaty int,
UNIQUE (Emp.ID))


Primary Key


CREATE TABLE employee (Emp.ID int,
LastName varchar (20),
FirstName varchar (20) ,
Address varchar (50) ,
salaty int,
PRIMARY KEY (Emp.ID))

පාඩමේ ගැටලුවක් ඔයාට ආවොත් කමෙන්ට් එකකින් අහන්න..